25.6 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentබස් - කාර් අනතුරකින් පස්දෙනෙක් රෝහලට

බස් – කාර් අනතුරකින් පස්දෙනෙක් රෝහලට

දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී අද (04) උදෑසන සිදු වූ රිය අනතුරකින් පස්දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

බස් රථයක් සහ කාර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ ප්‍රංශ ජාතිකයින් වන එකම පවුලේ තිදෙනෙක් සමඟ මෙහෙණින් වහන්සේ නමක් ඇතුළු 5 දෙනෙකුයි.

හබරණ දෙසින් පැමිණි බස් රථය තවත් ලොරි රථයක් පසුකර යාමට උත්සහා කිරීමේදී දඹුල්ල දෙසින් හබරණ දෙසට විදේශිකයන් රැගෙන ධාවනය වෙමින් තිබුණු කාර් රථයේ ගැටී තිබෙනවා.