― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeHot Newsමහ බැංකු ප්‍රධානීන් අද කැබිනට් මණ්ඩලයට

මහ බැංකු ප්‍රධානීන් අද කැබිනට් මණ්ඩලයට

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් පිරිසක් අද (04) දිනයේ කැබිනට් මණ්ඩලය හමුවට කැඳවා තිබෙනවා.

මහ බැංකු සේවකයිගේ වැටුප 70% කින් ඉහළ දමාගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහායි මෙලෙස ඔවුන් කැඳවා ඇත්තේ.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා හෙට (05) දිනයේදී මහ බැංකුවේ උසස් නිලධාරීන් පක්ෂ නායක රැස්වීම සහ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවා තිබෙනවා.

ඒ අනුව පක්ෂ නායක රැස්වීම හෙට (05) පෙරවරුවේ පැවැත්වෙන අතර මහ බැංකු නිලධාරීන් එදින පෙරවරු 10.30ට පක්ෂ නායකයින් හමුවට කැඳවා ඇති බවයි වාර්තා වුණේ.