26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබෝරා නායක හා ජනපති අතර හමුවක්

බෝරා නායක හා ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් සිදුව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ මෙම හමුව ඊයේ (03) පස්වරුවේ පැජට් පාර පිහිටි ජනාධිපති නිල නිවසේ දී සිදු වූ බවයි.

මිලියනයකට අධික බෝරා ප්‍රජාවේ සාමාජිකයෝ ඉන්දියාව, පාකිස්ථානය, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් ගණනාවක වාසය කරති.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සුහද කථා බහක නිරත වූ ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළේය.

එමෙන්ම බම්බලපිටිය බෝරා පල්ලිය ආශ්‍රිතව පැවැත්වෙන බෝරා සමුළුව මෙම වසරේදී පැවැත්වීම පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කෙරිණි.

බෝරා ප්‍රජාව විසින් පසුගිය වසර 04ක් පුරා සිදුකළ ආගමික සේවාවන් ඇතුළු විවිධ වැඩසටහන් ඇතුළත් ග්‍රන්ථයක් ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්විණි.