25.6 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsupdate - හංවැල්ලේ වෙඩි තැබීමක් - මන්නා රොෂාන්ගේ අයියා ජීවිතක්ෂයට

update – හංවැල්ලේ වෙඩි තැබීමක් – මන්නා රොෂාන්ගේ අයියා ජීවිතක්ෂයට

update – අද (04) දහවල් හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමෙන් ‘මන්නා රොෂාන්ගේ’ වැඩිමල් සහෝදරයා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට ලක් වූ තැනැත්තා තව අයෙක් සමඟ කැබ් රථයකින් ගමන් කරමින් සිටියදී යතුරුපදියකින් පැමිණි දෙදෙනෙක් විසින් ටී-56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි.

වෙඩි තැබීමෙන් ඔහු හා ගමන් ගත් අනෙක් පුද්ගලයාද තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

පසුගිය වසරේ දෙසැම්බර් මස 25 වැනිදා පාදුක්ක, තුන්නාන, වෙන්දේසි වත්ත ඉඩමේදී මන්නා රොෂාන් ඝාතනයට ලක් වුණා.

ඒ සන්නද්ධ කණ්ඩායමක් විසින් සිදුකළ වෙඩි තැබීමකින්.

…………

හංවැල්ලේ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසනවා.

හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ සිදු කළ මෙම වෙඩි තැබීමෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙක් රෝහල්ගත කර ඇති අතර පොලීසිය පැවසුවේ ටී -56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.