29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsහමුදාව යටතේ ඇති ඉඩම් අක්කර 59ක් යළි ජනතාවට

හමුදාව යටතේ ඇති ඉඩම් අක්කර 59ක් යළි ජනතාවට

යාපනය – පලාලි නැඟෙනහිර ප්‍රදේශයේ හමුදා පාලනය යටතේ පවතින අක්කර 59ක ඉඩම් නිදහස් කිරීමට යුද හමුදාව එකඟ වී තිබෙනවා.

හමුදා පාලනය යටතේ පවතින ඉඩම් සම්බන්ධයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවක් අතරතුරදි යුද හමුදා නිලධාරීන් විසින් මේ බව පවසා ඇත්තේ.

ඒ අනුව පලාලි නැඟෙනහිර ප්‍රදේශයේ හමුදා පාලනය යටතේ පවතින කෘෂිකාර්මික ඉඩම් අක්කර 59ක් නිදහස් කිරීමට පියවර ගෙන ඇති බවත්, එම ඉඩම් නිදහස් කර ලබන 10 වැනිදා අයිතිකරුවන්ට භාරදෙන බවත් ඔවුහු පවසා තිබෙනවා.

ඒ සමඟම කිලිනොච්චියේ හමුදාව යටතේ තිබූ අක්කර 105ක ඉඩම් ප්‍රමාණයක් නිදහස් කිරීමට පියවර ගෙන ඇති බවද හමුදා නිලධාරීන් පවසා තිබෙනවා.