31.7 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකරාපිටියේ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස ජීවිතක්ෂයට

කරාපිටියේ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස ජීවිතක්ෂයට

කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙම වෛද්‍යවරයා ඔහුගේ නිවසේදී අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත්ව සිටියදී මළ සිරුර සොයාගත් බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්ස් කිරණ අංශයේ සේවය කළ ගාල්ල, තලගහහේන ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි වෛද්‍යවරයෙකි.

මොහුගේ බිරිඳ ද කරාපිටිය රෝහලේම සේවය කරන වෛද්‍යවරියක් වන අතර එම අවස්ථාවේදී බිරිඳ නිවසේ සිට නොමැති බවයි පොලීසිය පවසන්නේ.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කරාපිටිය අධිකරණ වෛද්‍ය ඒකකය වෙත යොමු කර තිබෙනවා.