28 C
Colombo
Wednesday, October 1, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වයි

මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වයි

ඉකුත් වසරේ මාර්තු මස 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව මැතිවරණ කොමිසම අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වීම ආරම්භ කළා.

ඊට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී අදාළ පෙත්සම්වල වග උත්තරකරුවකු වශයෙන් නම්කර සිටි මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පිරිස් කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කළා.

පෙත්සම් විභාගය තවදුරටත් පැවැත්වෙනවා.

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, පැෆරල් සංවිධානය සහ විකල්ප ප්‍රතිපත්තික් කේන්ද්‍රය විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.