― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඋඩප්පුව පොලිස් ලොක්කාගේ වැඩ තහනම්

උඩප්පුව පොලිස් ලොක්කාගේ වැඩ තහනම්

ගම්වාසීන් පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් උඩප්පුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබෙනවා.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන හේතුවෙන් ඔහුගේ වැඩ තාවකාලිකව තහනම් කිරීමට ද ඊයේ (06) පියවර ගනු ලැබුවා.

පසුගිය 05 වැනිදා රාත්‍රියේ සිදුව තිබූ මෙම පහරදීමත් සමඟ හටගත් නොසන්සුන්තාව පාලනය කිරීමට මුන්දලම පොලිසිය කැඳවීමටද පියවර ගනු ලැබුවා.

මාර්තු 5 වනදා රාත්‍රියේ උඩප්පුව පොලිස් වසමේ උඩප්පුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරනු ලබන උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ ඔහුගේ මිතුරන් කිහිපදෙනෙකු සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු සමග ඇති වූ බහින් බස්වීම දුරදිග ගොස් එය පහරදීමක් දක්වා වර්ධනය වුණා.

පහරදීම සිදුකරන අවස්ථාවේ නිලධාරියා ඉතා අශෝභන ලෙස හැසිරෙමින් රැස්ව සිටි ජනතාවට පරුෂ වචනයෙන් බැණවදින අයුරු පුද්ගලයෙකු විසින් වීඩියෝගත කර තිබුණා.

උඩප්පුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා පහරදීම සිදුකරන්නේ සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ ඔහු පැමිණි මෝටර් රථයට ප්‍රදේශවාසීන් කෙළ ගැසූ බව පවසමින්.

පහරදීමෙන් තුවාල ලැබූ ප්‍රදේශවාසින් දෙදෙනෙකු උඩප්පුව ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු හලාවත මහ රෝහලට මාරු කර යවා තිබුණා.

සිද්ධියෙන් පසු තමාටද තුවාල සිදුවූ බව පවසමින් පොලිස් නිලධාරියාද ඊයේ (06) රාත්‍රියේ උඩප්පුව රෝහලට ඇතුලත් වී තිබුණු අතර ඔහු ඊයේ රෝහලේදීම අත්අඩංගුවට ගෙන ඔහුගේ වැඩ තහනම් කිරීමට පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පියවර ගෙන තිබුණා.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයේ සිටි සිවිල් පුද්ගලයින් දෙදෙනාද අත්අඩංගුවට ගැනුණා. පහරදෙන අවස්ථාවේ උඩප්පුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා බීමත්ව සිටියේද යන්න තහවුරු කරගැනීමට රුධිර සාම්පල් ලබාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් මුන්දලම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.