― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපළාත් පාලන රාජ්‍ය නිලධාරීන්ගේ ස්ථාන මාරු අත්හිටුවයි

පළාත් පාලන රාජ්‍ය නිලධාරීන්ගේ ස්ථාන මාරු අත්හිටුවයි

නැවත දැනුම්දෙන තුරු පළාත් පාලන රජයේ සේවකයින්ගේ ස්ථාන මාරුවීම් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසන්නේ ඒ අනුව පළාත් රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීමක් දරන නිලධාරියෙකු මධ්‍යම රජයේ අනුරූපී තනතුරක් සඳහා ස්ථාන මාරු කිරීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා ඇති බවයි.

ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් යවා තිබෙනවා.