― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsAccidentබසයේ රියදුරු සිහිසුන් වී 13ක් රෝහලේ

බසයේ රියදුරු සිහිසුන් වී 13ක් රෝහලේ

වව්නියාව බලා ධාවනය වෙමින් තිබූ බස් රථයේ රියදුරු සිහිසුන් වීමෙන් මැදවච්චියේදී රිය අනතුරක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඇගලුම් සේවකයින් පිරිසක් රැගෙන වව්නියාව බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක රියදුරු හදිසියේ සිහිසුන්වීම හේතුවෙන් අද (07) උදෑසන මැදවච්චිය ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් 13 දෙනෙක් තුවාල ලබා ඇති බවයි.

තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා මැදවච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මැදවච්චිය රෝහලට ඇතුළත් කෙරුණ එම තුවාලකරුවන් අතරින් 07 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා මේ වනවිට අනුරාධපුර මහ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

වව්නියාව ප්‍රදේශයේ පිහිටි අඟලුම්හලක් වෙත සේවකයින් රැගෙන යමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට පත්ව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ ඇගලුම් සේවකයින් 40ක් පමණ එම බස් රථයේ සිට ඇතැයි පොලිසිය පවසනවා.

අදාළ බස් රථය ධාවනය කරමින් සිටියදී එහි රියදුරාට රියදුරු අසුනේ දීම සිදුවූ සිහිසුන්වීමකින් එම බස් රථය රියදුරුගේ පාලනයේ මිදී මැදවච්චිය ප්‍රදේශයේදී මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

ධාවනය වෙමින් තිබූ බස් රථය රියදුරාගේ පාලනයෙන් ගිලිහී ගොස් මාර්ගයෙන් ඉවතට පැන අසළ වූ නිවසක් සමඟ ඇති ගරාජයකට කඩා වැදීමෙන් අනතුර සිදුව තිබුණා.

කෙසේනමුත් මෙම අනතුරින් එම නිවසේ හෝ ගරාජයේ කිසිවකුටත් ජීවිත හානියක් සිදුව නොමැත.

මෙම අනතුර සම්බන්ධයෙන් මැදවච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.