27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැඩ තහනම් කළ දුම්රිය සේවකයින් යළි සේවයට

වැඩ තහනම් කළ දුම්රිය සේවකයින් යළි සේවයට

පසුගියදා විදේශිකයින් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැඩ තහනම් කළ නාවලපිටිය දුම්රිය ස්ථානයේ සේවකයින් තිදෙනෙකු යළි සේවයේ පිහිටුවා තිබෙනවා.

මූලික පරීක්ෂණවලින් අනතුරුව ඉදිරි විනය ක්‍රියාමාර්ගවලට යටත්ව ඔවුන් යළි සේවයේ පිහිටවූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඉකුත් 05 වැනිදා කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක වායු සමීකරණය කරන ලද පළමු පන්තියේ මැදිරියක විදේශිකයින් දෙදෙනෙකු ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කිරීම හේතුවෙන් මෙම පහරදීම සිදුව තිබුණා.

එම සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකු, දුම්රිය නියාමකවරයෙකු සහ දුම්රිය ආරක්ෂක අංශ සාමාජිකයෙකුගේ ද සේවය අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පසුව කටයුතු කරනු ලැබුවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක් වූ නාවලපිටිය දුම්රිය ස්ථානයේ ආරක්ෂක අංශ කාර්යය භාර නිලධාරියාගේ තහනම තවදුරටත් ක්‍රියාත්මක බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සිදුකරනු ලැබූ විමර්ශනවලින් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.