― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි අයෙක් අත්අඩංගුවට

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි අයෙක් අත්අඩංගුවට

වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් නීතිවිරෝධීව වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු බියගම පොලිසිය විසින් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බියගම බණ්ඩාරවත්ත ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය අයෙක්.

සුදුසුකම් නොලත් වෛද්‍යවරයෙකු විසින් වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බවට බියගම පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා.

මෙම සැකකරු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෛද්‍යවරයකු ලෙස අනුමත ලියකියවිලි කිසිවක් නොමැතිව වෛද්‍යවරයකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් මෙම වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු බියගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හැට හයක පුද්ගලයෙක්.

මෙම වෛද්‍ය ආයතනය 2017 වර්ෂයේ ලියාපදිංචි කර ඇති බවත්, එම ලියාපදිංචි වෛද්‍යවරයා 2023 වර්ෂයේ ජූලි මස විදේශගතව ඇති බවත් අනතුරුව එම වෛද්‍යවරයාගේ පියා විසින් ඔහුගේ පුතාගේ නම ව්‍යාජව භාවිත කරමින් මෙම වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවත් වැඩිදුර විමර්ශනවලදී අනාඅරණය වී තිබෙනවා.

සැකකරු මහර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර බියගම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු සිදුකරනු ලබනවා.