― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsදැරියකට අමුතු ටියුෂන් දුන් ගුරා සොයා මෙහෙයුම්

දැරියකට අමුතු ටියුෂන් දුන් ගුරා සොයා මෙහෙයුම්

උපකාරක පන්ති ගුරුවරයෙක් විසින් 14 හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ පුවතක් ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අනුරාධපුර පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම ගුරුවරයා විසින් ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පාසලක ඉගෙන්නුම ලබන 14 හැවිරිදි දැරියක් බිය ගන්වා, අවස්ථා කිහිපයකදී බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවයි.

දැරිය පොලීසිය හමුවේ පවසා ඇත්තේ මීට මාසයකට පමණ පෙර ගලෙන්බිඳුණුවැව, යකල්ල ප්‍රදේශයේ පිහිටා ඇති උපකාරක පන්තියකට ගිය අවස්ථාවේදී ගුරුවරයා තමාව එහි උඩු මහලට රැගෙන ගොස් අපයෝජනයට ලක් කළ බවයි.

සැකකාර උපකාරක පන්ති ගුරුවරයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.