27.2 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපියයුරු පිළිකාවෙන් මියයන කතුන් ගැන හෙළිදරවුවක්

පියයුරු පිළිකාවෙන් මියයන කතුන් ගැන හෙළිදරවුවක්

පියයුරු පිළිකා හේතුවෙන් වසරකට මෙරට කාන්තාවන් 1095ක් පමණ මරණයට පත්වන බව අනාවරණය වී තිබෙනවා.

වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක පවසන්නේ මෙරට ජීවත්වන සෑම කාන්තාවන් 8 දෙනෙකුගෙන්ම එක් අයෙකුට පියයුරු පිළිකා වැළඳීමේ අවදානමක් ඇති බවත් වසරකට මෙරට කාන්තාවන් 5475 දෙනෙකු පියයුරු පිළිකාවලට ගොදුරු වන බවත්ය.

ඇල්කොහොල්, දුම්පානය, මත්ද්‍රව්‍ය භාවිතය, ව්‍යායාම මදකම, වැරදි ආහාර පුරුදු මෙන්ම ලේ ඥාතීන්හට පියයුරු පිළිකා තිබීමද මේ පිළිකා තත්ත්වය ඇති වීමට හේතු විය හැකි බවයි වෛද්‍යවරිය පෙන්වා දෙන්නේ.

ලෝක කාන්තා දිනය වෙනුවෙන් ඊයේ (07) මහනුවර පැවැති උත්සවයකට එක්වෙමින් ඉන්දිරා ජයසූරිය පිළිකා භාරයේ සභාපතිනි වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක මේ බව පැවසුවාය.

එමෙන්ම අප රටෙන් දිනකට කාන්තාවන් 15 දෙනෙක් පියයුරු පිළිකා රෝගීන් වශයෙන් හඳුනාගන්නා බවයි වෛද්‍යවරිය වැඩිදුරටත් එහිදී කියා සිටියේ.