27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැඩ වර්ජනයක් ගැන රතු එළියක්

වැඩ වර්ජනයක් ගැන රතු එළියක්

මාර්තු 19 වැනිදා සිට නැවත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසනවා.

අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රවී කුමුදේශ් සඳහන් කර සිටියේ මෙම ගැටළුව විසදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ මැදිහත්වීම අගය කරන බවයි.

ඔහු පවසන්නේ සෞඛ්‍ය සේවකයින්ට දීමනා ලබාදීමට අවශ්‍ය ඉදිරි කටයුතු මුදල් අමාත්‍යාංශය විසින් සිදු නොකරන්නේ නම් මාර්තු 19 වැනිදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි.