29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot NewsIMF සමඟ සාකච්ඡා කිරීමට විපක්ෂයටත් අවස්ථාව

IMF සමඟ සාකච්ඡා කිරීමට විපක්ෂයටත් අවස්ථාව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා පිළිබඳ එහි නියෝජිත කණ්ඩායම සමඟ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව පිළිගත් විපක්ෂයේ පක්ෂ නායකයන් වෙත අවස්ථාව සලසා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබේ.

ඒ අනුව එළැඹෙන සඳුදා (11) ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, දෙමළ ජාතික සන්ධානයේ නායක සිවඥානම් ශ්‍රීධරන් යන මහත්වරුන්ට ආරාධනා කර තිබෙන අතර ඔවුන් සමඟ කැමති ඕනෑම අයෙකුට ද සහභාගිවීමට අවස්ථාව සලසා දී ඇත.

තවද පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාට ද මේ සඳහා සහභාගී වන ලෙස දැනුම් දී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩපිළිවෙළෙහි යෝජනා සම්බන්ධව එහි නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව සළසා දෙන ලෙස පසුගියදා පාර්ලිමේන්තුවේ දී හර්ෂ ද සිල්වා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙතින් ඉල්ලීමක් කර තිබු අතර, රට යළි ගොඩනැගීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන සාර්ථකව ඉදිරියට ගෙනයා යුතු බවත්, ඒ සඳහා සියලු පක්ෂවල සාමුහික වගවීම අවශ්‍ය බවත් ජනාධිපතිවරයාගේ ද ස්ථාවරයයි.

මෙම සාකච්ඡාව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස් සමරතුංග යන මහත්වරුන්ද සහභාගී වීමට නියමිතය.