27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅමුතු භාණ්ඩයක් පාසලට ගෙනා රත්නපුරේ සිසුවා

අමුතු භාණ්ඩයක් පාසලට ගෙනා රත්නපුරේ සිසුවා

ශ්‍රී ලංකාව තුළ ඉතා සීඝ්‍රයෙන් විද්‍යුත් දුම්වැටි උවදුරක් ලෙසින් ව්‍යාප්ත වෙමින් පවතින බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

මේ වනවිට කොළඹ, ගම්පහ, පානදුර වැනි ශ්‍රී ලංකාව අගනුවර කේන්ද්‍ර කරගත් තදාසන්න ප්‍රදේශවල මෙම විද්‍යුත් දුම්වැටි වයස අවුරුදු 40 ට අඩු පුද්ගලයින් හා පාසැල් සිසුන් අතර භාවිතා වන බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි සුරාවදු කොමසාරිස් කියා සිටියේ.

ගම්පහ සුරාබදු දෙපාර්තමේන්තුවේ ජා ඇළ විශේෂ සුරාබදු වැටලීම් ඒකකය මගින් සිදු කර තිබූ වැටලීමකින් පසුව, අත්අඩංගුවට ගත් රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා විද්‍යුත් දුම්වැටි තොගයක් පරීක්ෂා කිරීමේ නිරත වෙමින් සිටියදීයි ඔහු අද (11) මේ බව ප්‍රකාශ කළේ.

මේ වනවිට ක්‍රමයෙන් ශ්‍රී ලංකාවේ දුරබැහැර ප්‍රදේශ කරා ද මෙම දුම්වැටි ව්‍යාප්ත වෙමින් පවතින බවට නිදසුනක් වාර්තා වනවා.

රත්නපුර ප්‍රදේශයේ ජනප්‍රිය පාසැලක සිසුවෙකු මෙවැනි විද්‍යුත් දුම්වැටියක් තම පාසැල තුළට රැගෙන විත් එක් වාරයක් දුම්පානය කිරීම සදහා රුපියල් 20 ක මුදලක් අය කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව දෙමාපියන් විසින් පාසලට, පොලිසියට සහ සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ද පැමිණිළි කර තිබෙනවා.

මෙම විද්‍යුත් දුම්වැටි දැනට මාර්ගගත ක්‍රමයට (Online) අලෙවි කිරීම සහ බෙදාහැරීම සිදු කෙරෙන අතර එම දුම්වැටි ස්මාර්ට් අත් ඔරලෝසු, පෙන් ඩ්‍රයිව්, විදුලි බල ගබඩා (Power Bank) , සුවද විලවුන් බෝතල් යන ආකාරවලින් නිෂ්පාදනය කර තිබෙන නිසා මෙය දුම්වැටියක් ලෙස හදුනා ගැනීමට අපහසු වී තිබෙනවා.