25 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිරිපා වන්දනාවේ ගිය කාන්තාවක් ජීවිතක්ෂයට

සිරිපා වන්දනාවේ ගිය කාන්තාවක් ජීවිතක්ෂයට

ශ්‍රී පාද වන්දනාවේ ගිය කාන්තාවක් හදිසියේම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (10) රාත්‍රියේ සිරිපා කරුණාවේ ගොස් ආපසු එමින් සිටියදී සීත ගඟුල ආසන්නයේදී ඇය හදිසියේම අසනීප වී ඇති අතර මස්කෙළිය දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

නල්ලතන්නිය පොලිසිය පැවසුවේ ඔහු ජීවිතක්ෂයට පත් වූ බවයි.

80 හැවිරිදි මෙම කාන්තාව සිය පවුලේ අය සමඟ වත්තල ප්‍රදේශයේ සිට ශ්‍රීපාද වන්දනාවේ පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මෘත ශරීරය මස්කෙළිය දිසා රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය ඥාතීන් වෙත භාරදීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.