29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකුළුබඩු ප්‍රතිඅපනයන ගැසට්ටුවත් රිවස් වෙයි

කුළුබඩු ප්‍රතිඅපනයන ගැසට්ටුවත් රිවස් වෙයි

කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර ලබාදීමට නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පැවති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර අදාළ ගැසට් නිවේදනය සම්බන්ධව විරුද්ධත්වය පළ කර තිබෙනවා.

මෙම කුළුබඩු වර්ග ප්‍රතිඅපනයනය සඳහා ආනයනයට අවසර දීම මඟින් දේශීය කුළුබඩු නිෂ්පාදකයින් සහ ගොවීන් අධෛර්යමත් වන බවත්, මේ හේතුවෙන් දේශීය කුළුබඩු නිෂ්පාදන වගාව කඩා වැටෙන බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දී දෙනු ලැබුවා.

දැනට ලෝකයේ හොඳම කුළුබඩු ලෙස සන්නාම අතර පළමු ස්ථානයේ සිටින ශ්‍රී ලංකාවේ කුළු බඩුවල ප්‍රමිතිය සඳහා මෙමඟින් ප්‍රබල බලපෑමක් එල්ල වන බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත්තේ.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය අදාළ ගැසට් නිවේදනය අත්හිටුවීමට පියවර ගත්තා.

ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කහ , ඉඟුරු සහ කරදමුංගු ආදි ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය ජරනු ලබන කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර ලබා දෙන බව දන්වමින් පසුගියදා රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කළා.