27.2 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපරාටේ නීතිය කල් දැමීමට කැබිනට් අනුමැතිය

පරාටේ නීතිය කල් දැමීමට කැබිනට් අනුමැතිය

ණය ගැනුම්කරුවන් විසින් නොගෙවා පැහැර හරින ලද ණය අයකර ගැනීම සඳහා එම ණය වෙනුවෙන් උකස් කරනු ලැබ ඇති යම් දේපළක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට අදාළ බැංකු විසින් ගනු ලබන ක්‍රියාමාර්ග 2024-12-15 දින දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා විධිවිධාන සැලසීම පිණිස 1990 අංක 4 දරණ බැංකු මඟින් ප්‍රදානය කරන ලද ණය අය කර ගැනීමේ විශේෂ විධිවිධාන පනත් අංශෝධනය කිරීමට පසුගිය පෙබරවාරි මස 26 වනදා රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබුණා.

නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති බැංකු මඟින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) සංශෝධන පනත් කෙටුම්පත සඳහා නීතිපති අවසරය ලැබී ඇති අතර, එම කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්තිය අමාත්‍ය ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා.