― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsශ්‍රී ලංකන් – කොරියානු ගුවන් සේවය එක්වෙයි

ශ්‍රී ලංකන් – කොරියානු ගුවන් සේවය එක්වෙයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ කොරියානු ගුවන් සේවය එක් වී කොළඹ හා සෝල් අතර ගුවන් ගමන් සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබෙනවා.

2024 මාර්තු 15 සිට ක්‍රියාත්මක මෙම හවුල්කාරීත්වය (codeshare) යටතේ කොළඹ සහ සෝල් (Seoul) අතර ගමන් කරන ගුවන් මගීන්ට ගුවන් සේවාවන් දෙකම භාවිතා කරමින් තමන්ට අවශ්‍ය ගමනාන්තය කරා ගමන් කිරීමට හැකි වේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී ‍රිචඩ් නටාල් පැවසුවේ “ශ්‍රීලංකන් ගුවන් සේවය කොරියානු ගුවන් සේවය සමග මෙවැනි හවුල්කාරීත්වයකට එළඹුණු ප්‍රථම අවස්ථාව මෙයයි, කොළඹ සහ සෝල් අතර සම්බන්ධතාව ඉහළ නැංවීමට හැකිවීම ලැබීම පිළිබඳව අපි සතුටු වෙනවා. මෙමඟින් නගර දෙක අතර මගී ගමනාගමනය ගුවන් සමාගමට ලාභදායී ආකාරයෙන් වර්ධනය කර ගැනීමට සහ මගීන්ට ශ්‍රීලංකන් ගුවන් සේවය තෝරා ගැනීමට ද උපකාරී වනු ඇත” බවයි.

මෙම හවුල්කාරීත්වය (codeshare) යටතේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් යානාවලින් සෝල් (Seoul) ඉන්චියොන් (Incheon) වෙත ගමන් කරන මගීන්ට ශ්‍රීලංකන් ගුවන් සේවයේ තනි ගුවන් ප්‍රවේශ පත්‍රයක් මගින් සිංගප්පූරුව හරහා කොරියානු ගුවන් සේවයට අයත් ගුවන් යානාවලින් ද ගමන් කළ හැක.

එමෙන්ම කොරියානු ගුවන් සේවයේ තනි ගුවන් ප්‍රවේශ පත්‍රයක් මගින් ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානාවලින් සෝල් ඉන්චියොන්, සිංගප්පූරුව, චෙන්නායි සහ මාලේ වෙතද ගමන් කළ හැකිය. ශ්‍රීලංකන් ගුවන් සේවය මේ වනවිට කොළඹ සිට ඉන්චියොන් දක්වා සතියකට දෙවතාවක් ඍජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරන අතර මෙම නව හවුල්කාරීත්වය නිසා සතියේ සෑම දිනකම කොළඹ සිට සිංගප්පූරුව හරහා සෝල් ඉන්චියොන් වෙත යෑමට හැකියාව ලැබේ.

සහයෝගිතාව හා ගුණාත්මක සේවාවක් මඟින් සිය ගුවන් මගීන් සඳහා සුවපහසු සංචාරක අත්දැකීම් ලබා දීම ගුවන් සමාගම් දෙකහිම අරමුණ වේ.