24.5 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනියම් සැමියා තරුණියකගේ ගෙල කපා මරා දමලා

අනියම් සැමියා තරුණියකගේ ගෙල කපා මරා දමලා

සීදුව ප්‍රදේශයේ කුලී කාමරයක් තුළදී කාන්තාවකගේ ගෙල කපා මරා දමා තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඊයේ (14) රාත්‍රියේ සීදුව පොලිස් වසමේ මුතුවාඩිය ප්‍රදේශයේ කුලී කාමරයක් තුළ තියුණු ආයුධයකින් කපා කොටා කාන්තාවක් ඝාතනය කර ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 26 හැවිරිදි පලුගොල්ලාගම, මෙගොඩවැව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මරණයට පත් වූ තරුණිය අනියම් පුරුෂයා සමඟ ඇති වූ ආරවුලක් දුරදිග ගොස් ඔහු විසින් ඇයගේ ගෙල බෝතල් කටුවකින් කපා ඝාතනය කර ඇති බවයි.

සිද්ධියෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සීදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.