― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඩුබායි තරංගගේ ගෝලයෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට

ඩුබායි තරංගගේ ගෝලයෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙකු වන ඩුබායි තරංගගේ ගෝලයෙක් සහ තවත් අයෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුමට සමගාමීව කළුතර අපරාධ කොට්ඨාසය ඊයේ (14) පානදුර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ඩුබායි තරංගගේ ගෝලයෙකු හෙරොයින් ග්‍රෑම් 10ක් සමඟ සහ තවත් අයෙකු හෙරොයින් ග්‍රෑම් 6ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහි ප්‍රධාන සැකකරු පානදුර වලාන අලුත් පාලම අසළ වෙනත් පුද්ගලයෙකුට ලබාදීම සඳහා හෙරොයින් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

46 හැවිරිදි මෙම සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

24 හැවිරිදි අනෙක් සැකකරු පානදුර මෝදර සුනාමි නිවාස සංකීර්ණය පදිංචි පුද්ගලයෙකු වන අතර ඔහු සන්තකයේ තිබී හෙරොයින් හෙරොයින් ග්‍රෑම් 06ක් සොයාගෙන තිබෙනවා.

මෙම හෙරොයින්වල වටිනාකම රුපියල් ලක්ෂ හතරකට ආසන්න බවයි පොලීසිය පවසන්නේ.

මෙම ජාවාරම සිදුකරගෙන ගිය ජංගම දුරකථන දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරුවන් දෙදෙනා පානදුර, මොරටුව, එගොඩඋයන ප්‍රදේශවල බහුල වශයෙන් මෙම ජාවාරම් සිදුකරන බවත් මීට අමතරව කළුතර, අලුත්ගම, බේරුවල ප්‍රදේශවල මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සඳහා දුරකථන පණිවිඩ ඔස්සේ පානදුර ප්‍රදේශයට ඔවුන් ගෙන්වාගෙන මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවත්ය.

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.