32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක්

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක්

ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාව සඳහා ඩොලර් මිලියන 100 ණය මුදල් අනුමත කර තිබෙනවා.

ආර්ථික අර්බුදයෙන් වඩාත් පීඩාවට පත් කුඩා හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍ර නගා සිටුවීම වෙනුවෙන් පිහිටුවන ජාතික ණය ඇපකර ආයතනය ස්ථාපනය කිරීම ඇතුළු කටයුතු වෙනුවෙනුයි මෙම ණය මුදල ලබා දී ඇත්තේ.

මෙම අරමුදල් මගින් අපනයන, සංචාරක, තාක්‍ෂණ, කෘෂිකාර්මික සහ නිෂ්පාදන ක්ෂේත්‍රවල කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහය දැක්වීමට සහ අභියෝගවලට ඔවුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සදහා රජයේ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත්‍ කිරීම සඳහා යොදාගත හැකි බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසන්නේ.

ව්‍යවසායකයින් වෙනුවෙන් කාරක ප්‍රාග්ධන පහසුකම් සැපයීම මෙම ණය මුදල යටතේ සිදු කිරීමේ හැකියව පවතිනවා. දළ දේශීය නිෂ්පාදිතයෙන් 52%ක ප්‍රමාණයක් ආවරණය කරනු ලබන මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය මගින් ජනගනයෙන් 42% රැකියා අවස්ථා ද උත්පාදනය කරනු ලබනවා.