23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsතරගාවලියේ ජය බංග්ලාදේශයට

තරගාවලියේ ජය බංග්ලාදේශයට

ශ්‍රී ලංකාව සමග පැවති එක්දින තරගාවලියේ ජය 2ට 1ක් ලෙස තමන් සතු කරගන්නට බංග්ලාදේශ කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත් වුණා.

තරගාවලියේ අවසන් තරගය අද පැවැත්වුණේ බංග්ලාදේශයේ Chattogram හි සහූර් අහමඩ් චෞද්‍රි ක්‍රීඩාංගණයේදීයි.

එහිදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 235 ක් පමණයි.

එහිදී හුදකලා ඉනිමක් ක්‍රීඩා කළ ජනිත් ලියනගේ ලකුණු 101 ක් ලබාගනිමින් විශිෂ්ඨ ශතකයක් ලබාගත්තා.

චරිත් අසලංක ලකුණු 37 ක් රැස් කළ අතර, වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට ඉනිම් ගොඩනැගීම සඳහා බංග්ලාදේශ පන්දුයවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

කෙසේ වෙතත්, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 40.2 ක් අවසානයේ කඩුලු 6 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය හඹා ගියා.

එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ටන්සිඩ් හසන් ලකුණු 84 ක් ලබාගත්තා.

මෙම බංග්ලාදේශ සංචාරයේදී පැවති 20යි 20 තරගාවලිය ජය ගැනීමට සමත් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

දෙරට අතර ආරම්භ වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ලබන 22 වැනිදා ආරම්භ වනු ඇති.