30 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයාපනයේ මාර්ගයක් අසළ කාන්තා මළ සිරුරක්

යාපනයේ මාර්ගයක් අසළ කාන්තා මළ සිරුරක්

යාපනය, තොල්පුරම් නැගෙනහිර ප්‍රදේශයේ මාර්ගයක් අසළ තිබී කාන්තා මළ සිරුරක් ඊයේ (17) සොයාගෙන තිබෙනවා.

වඩුක්කෝට්ටේ පොලිසිය පැවසුවේ සෙල්වනිදි කදිර්වේල් නමැති 49 හැවිරිදි කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඇයගේ සිරුරේ පහරදීම් තුවාල දැක ගැනීමට තිබූ බැවින් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම කාන්තාවගේ සැමියා මත්පැන් පානය කොට ඇය සමඟ රණ්ඩු කර ඇති බවත් එම ආරවුල දුරදිග යාමෙන් සැමියා කාන්තාවට පහර දී ඇති බවත්ය.

මියගිය කාන්තාවගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහල් මෘත ශරීරාගාරය වෙත යොමු කොට තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වඩුක්කෝට්ටේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.