30 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරක්ෂිතයේ නිධන් සෙවූ 06ක් අත්අඩංගුවට

රක්ෂිතයේ නිධන් සෙවූ 06ක් අත්අඩංගුවට

රදැල්ල රක්ෂිතයේ නිධන් සොයා කැණීම් සිදු කළ පුද්ගලයින් 06 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය ශාස්ත්‍රවෙල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (17) පානම පොලිස් වසමේ, රදැල්ල රක්ෂිත ප්‍රදේශයේදී සිදු කළ වැටලීමේදීයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී නිධන් සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි වැල්ලව, පොතුවිල්, නිට්ටඹුව, බිබිල, කුරුණෑගල හා පානම ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් 06 දෙනෙකු එම භාණ්ඩද සමඟ අත්අඩංගුවට ගත් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔවුන් පානම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.