29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅපරාධ කල්ලියක තිදෙනෙක් නුවරදී අල්ලයි

අපරාධ කල්ලියක තිදෙනෙක් නුවරදී අල්ලයි

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට හා සංවිධානාත්මක අපරාධවලට අවශ්‍යව සිටි කුප්‍රකට ‘පච්චයන්’ ලෙස හදුන්වන අපරාධ කල්ලියක කාන්තාවක් හා පුද්ගලයන් දෙදෙනෙකු වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (18) මහනුවර පොලිස් වසමේ තබෝදාරාම පාර, රිච්මන්ගිල් නවාතැන්පලේදී අදාළ වැටලීම සිදුකර තිබුණා.

එහිදී නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්වලට හා සංවිධානාත්මක අපරාධවලට අවශ්‍යව සිටි මොරටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32, 38 පසුවන පුද්ගලයන් දෙදෙනෙකු හා ගෝනපල ප්‍රදේශයේ පදිංචි වයස අවුරදු 34ක් වන කාන්තාවක් සමග කාර් රථයක්, එක්සත් අරාබි රාජ්‍යයේ ඩිනාර් හා ලංකා වලංගු මුදලින් රුපියල් ලක්ෂයට ආසන්න මුදලක් හා තවත් භාණ්ඩ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔවුන් මහනුවර පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.