26.7 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentදක්ෂණ අධිවේගයේ අනතුරක් - තරුණයෙක් ජීවිතක්ෂයට

දක්ෂණ අධිවේගයේ අනතුරක් – තරුණයෙක් ජීවිතක්ෂයට

දක්ෂණ අධිවේගී මාර්ගයේ අද (19) අලුයම මාරක රිය අනතුරක් සිදුව තිබෙනවා.

මත්තල දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වූ වෑන් රථයක් එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වූ කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 45.2R හා 45.3R කණු අතරදී මෙම රිය අනතුර සිදුව ඇති අතර ඉන් 21 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නාගොඩ, ගාල්ල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි.

පොලීසිය සැක කරන්නේ වෑන් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම රිය අනතුර සිදු වන්නට ඇති බවයි.