30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋණුසුම් කාලගුණය ගැන රතු එළියක්

උණුසුම් කාලගුණය ගැන රතු එළියක්

අද (20) දිනයේදීත් දිවයින පුරා පළාත් රැසක උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ වයඹ, උතුරු-මැද, නැගෙනහිර පළාත්වල සහ මන්නාරම, වවුනියාව, මුලතිව්, මොණරාගල, හම්බන්තොට, රත්නපුර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි.

වියළි කාලගුණය නිසා ඇති විය හැකි විජලන තත්ත්වයෙන් මිදීම සඳහා හැකිතාක් වැඩිපුර ජලය පානය කරන ලෙසත් දිවයින පුරා ඇති සෑම පාසලකම දරුවන් එළිමහන් ක්‍රිකාකාරකම්වල යොදවා නොගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම වැඩබිම් තුළ සිටින පුද්ගලයින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න ලෙසත් සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.