30.6 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනුර කුමාර කැනඩා සංචාරයක

අනුර කුමාර කැනඩා සංචාරයක

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (20) සවස කැනඩාව බලා පිටත්වීමට නියමිතය.

කැනඩාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් අමතන ජන හමු කිහිපයකට සහභාගි වීම සඳහායි මෙලෙස අනුර කුමාර කැනඩාව බලා යාමට නියමිතව ඇත්තේ.

ජාතික ජන බලවේගයේ කැනඩා කමිටුව විසින් සංවිධානය කරනු ලැබ ඇති ප්‍රධාන ජන හමු දෙකෙන් පළමුවැන්න 23 වැනි සෙනසුරාදා කැනඩාවේ ටොරොන්ටෝ අගනුවරදීද, දෙවැන්න 24 වැනි ඉරිදා දින පස්වරුවේ වැන්කුවර් නගරයේදීද පැවැත්වෙනු ඇත.

මෙම ප්‍රධාන ජනහමුවලට අමතරව කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකේය දෙමළ හා මුස්ලිම් ප්‍රජාව මුණගැසෙන සුහද හමු කිහිපයකටද සහභාගිවීමට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කටයුතු කරනු ඇත.