30.6 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහ බැංකුවේ වැටුප් වැඩි කිරීම කල් දමන්නැයි නිර්දේශ

මහ බැංකුවේ වැටුප් වැඩි කිරීම කල් දමන්නැයි නිර්දේශ

ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩි කිරීම කල් දමන්නැයි නිර්දේශ කර තිබෙනවා.

ඒ අනුව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව නිර්දේශ කර ඇත්තේ පැහැදිලි සාධාරණ විසඳුමක් ලැබෙන තුරු වැටුප් වැඩි කිරීම කල් දමන ලෙසයි.

මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් එම කමිටුව විසින් සකස් කළ වාර්තාව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කර ඇති අතර එය අද එම කමිටුවේ සභාපති හර්ෂ ද සිල්වා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එම වාර්තාවේ දක්වා ඇත්තේ මහ බැංකු නිලධාරීන්ගේ සියයට 70කින් වැඩි කරගත් වැටුප් වර්ධකය සියයට 25කින් අඩු කර ගැනීමට තීරණය කර ඇති බවයි.