23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩිල්ෂාන්ගේ IPL සිහිනය බිඳ වැටෙයි

ඩිල්ෂාන්ගේ IPL සිහිනය බිඳ වැටෙයි

ශ්‍රී ලංකාවේ නැගී එන වමත් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංකගේ IPL සිහිනය බිඳ වැටී තිබෙනවා.

ඒ, ආබාධයකට ලක්ව සිටින ඩිල්ශාන් වෙනුවට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වමත් වේග පන්දු යවන ක්‍රීඩක ක්වේනා මෆාකා නම් කිරීමත් සමගයි.

බංග්ලාදේශය සමග පැවති එක්දින තරගාවලිය අතර තුර ඩිල්ෂාන් පාදයේ මස්පිඬු ආබාධයකට ලක් වුණා.

ඔහුට සති කිහිපයක් විවේක ගැනීමට සිදුවනු ඇතැයි වෛද්‍යවරු පැවසුවා.

ක්වේනා මෆාකා මෑතකදී අවසන් වූ ICC 19න් පහළ පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී දකුණු අප්‍රිකාව නියෝජනය කළ අතර තරඟාවලියේ ක්‍රීඩකයා ලෙස නම් කෙරුණා.

ඔහු ඉන්දියානු රුපියල් ලක්ෂ 50ක මූලික මිලකට මුම්බායි ඉන්දියන්ස් හා සම්බන්ධ වනු ඇති.