26.1 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentට්‍රක් රථයට යට වී පොලිස් නිලධාරිනියක් ජීවිතක්ෂයට

ට්‍රක් රථයට යට වී පොලිස් නිලධාරිනියක් ජීවිතක්ෂයට

කාන්තා පොලිස් නිලධාරිනියක් ඊයේ සවස බූම් ට්‍රක් රථයකට යටවී මියගොස් තිබෙනවා.

මතුගම පොලිසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ කළුතර පොලිස් අධිකාරී කාර්යාලයට අනුයුක්තව රාජකාරි කරනු ලැබූ දොඩංගොඩ පුහාඹුගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තා සැරයන්වරියක් වන දමයන්ති වීරසූරිය බවයි.

අදාළ පොලිස් නිළධාරිනිය රාජකාරි නිමවා බසයෙන් ගොස් මලබඩ හන්දියේ දී බසයෙන් බැස පදික මාරුවෙන් පාර මාරුවෙමින් සිටියදී මතුගම දෙස සිට කළුතර දෙසට ගමන් කළ ට්‍රක් රථයේ ගැටී තිබෙනවා.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදීයි මියගොස් ඇත්තේ.

ට්‍රක් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මතුගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.