― political ―

වත්මන් වැඩපිළිවෙළින් බැහැරව රට ගොඩනැඟීම සිහිනයක් පමණයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වත්මන් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළින් බැහැරව කිසිවකු හෝ ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට සිහින මවනවා නම් යළිත් මේ රට කඩාවැටීමට ලක්වීම...
HomeHot Newsපාකිස්ථාන කැබිනට් මණ්ඩලය වැටුප් එපා කියයි

පාකිස්ථාන කැබිනට් මණ්ඩලය වැටුප් එපා කියයි

පාකිස්තාන නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ප්‍රමුඛ සිය නව කැබිනට් මණ්ඩලය තම වැටුප සහ තමන්ට හිමි සියලු ප්‍රතිලාභ අත් හැරීමට තීරණය කර තිබෙනවා.

රට මුහුණ දෙන අවිනිශ්චිත ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමිනුයි ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පාකිස්ථානයේ අනවශ්‍ය වියදම් කප්පාදු කිරීමේ අරමුණින්, විශේෂ කැබිනට් හමුවක් පැවැත්වුණු අතර එහිදී අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් සාමාජිකයන් සියලු දෙනා ඒකමතිකව මෙම තීරණය කර ඇති බවයි.

රජයේ මුදලින් සිදුවන විදෙස් සංචාර නැවැත්වීම සහ කප්පාදු කිරීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය අතරේ එකඟත්වයක් ඇතිව තිබෙනවා.

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට පාකිස්ථානය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය අපේක්ෂා කරන අතර ඒ සඳහා පාකිස්ථාන රජය, මූල්‍ය වගවීම් ප්‍රවර්ධනය කිරීම සම ආර්ථික අභියෝග හමුවේ රාජ්‍ය සම්පත් ප්‍රශස්ත කිරීම සම්බන්ධයෙන් පියවර රැසක් අනුගමනය කරයි.

යළිත් වරක් පාකිස්ථාන ජනාධිපති ධුරයට පත් වූ අසීෆ් අලී සර්දාරි ද සිය ධුරයේ දිවුම් දෙමින් පවසා ඇත්තේ ජනාධිපතිවරයාට හිමි වැටුප හෝ දීමනා කිසිවක් හෝ තමන් ලබා නොගන්නා බවයි.