25 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමුදල් නෝට්ටුවලට හානි කළොත් දැඩි දඬුවම්

මුදල් නෝට්ටුවලට හානි කළොත් දැඩි දඬුවම්

විසිතුරු භාණ්ඩ සහ තෑගි අයිතම සකස් කිරීම සඳහා මෙරට වලංගු මුදල් නෝට්ටු යොදා නොගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලා සිටිනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ අවසරයකින් තොරව පහත දක්වා ඇති කටයුතු සිදුකරගෙන යෑමෙහි නියැලී සිටින ඕනෑම පුද්ගලයෙකු වරදක් සිදු කරන බවයි.

ඒ අනුව විසිතුරු භාණ්ඩ සහ තෑගි අයිතම සකස් කිරීම සඳහා වලංගු මුදල් නෝට්ටු යොදා ගැනීම, එවැනි ක්‍රියාකාරකම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධනය කිරීම ආදිය වැරදි ගණයට අයත් වන බවයි එම නිවේද්නෞඒ දැක්වෙන්නේ.

මෙවැනි ආකාරයේ වරදකට හසුවන ඕනෑම අයෙක් රුපියල් මිලියන 25කට නොවැඩි දඩ මුදලක් හෝ තෙවසරකට නොඅඩු සිර දඬුවමකට යටත් කිරීමේ හැකියාව පවතිනවා.