27.8 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්ධන බවුසරයක් පාර මැද පෙරළෙයි

ඉන්ධන බවුසරයක් පාර මැද පෙරළෙයි

යාපනය – මරිසුවිල් ප්‍රදේශයේ A9 මාර්ගයේ ටිපර් රථයක් සහ ඉන්ධන ප්‍රවාහන බවුසරයක් අනතුරට ලක්ව තිබෙනවා.

අද අලුයම 4.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර මේ හේතුවෙන් පැය කිහිපයක්ම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

යාපනයෙන් පිටත් වූ ඉන්ධන බවුසරය ලංගම බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී පාර හරහා පෙරලී යාමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

ලංගම මස් රථයේ රියදුරු උපක්‍රමශීලිව බසය නතර කරගෙන ඇති අතර ටිපර් රථයෙන් කාන්දු වූ ඉන්ධන මත ලිස්සා ගොස් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් කිසිවකුටත් තුවාල සිදුවී නොමැති අතර කොඩිකාමම් පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.