26.7 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතම දැරිය අඹුකමට ගත් පියාට වැඩ වරදී

තම දැරිය අඹුකමට ගත් පියාට වැඩ වරදී

වව්නියාව, තෝනිකල් ප්‍රදේශයේදී 14 හැවිරිදි තම දියණියට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත දැරියගේ පියා අත්අඩංගුවට ගෙන තිබේ.

වවුනියාව, තෝනිකල් ප්‍රදේශයේ පදිංචි දැරිය ඊයේ (21) පාසලට ගොස් ලිංගික අපයෝජනයට ලක්වූ සිද්ධිය සම්බන්ධයෙන් ගුරුවරියට පවසා තිබෙනවා.

ඉන් අනතුරුව පාසලෙන් මේ පිළිබඳව වවුනියාව පොලිසියට දැනුම් දීමෙන් පසු ක්‍රියාත්මක වූ පොලිසිය දැරියගෙන් ප්‍රශ්න කර ඇති අතර දැරියගේ මව නිවසේ නොමැති අවස්ථාවක මෙම සිද්ධිය සිදුව ඇති බවයි දැරිය පොලීසිය හමුවේ පවසා ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ පියා වන 36 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දැරිය වවුනියාව රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කොට්ඨාශය විසින් දැඩි පරීක්ෂණ පවත්වා අත්අඩංගුවට ගත් පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.