25.6 C
Colombo
Wednesday, February 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentරිය අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

රිය අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

කැකිරාව – ගනේවල්පොල මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ 12 හැවිරිදි පිරිමි දරුවෙක් ඇඹුල්ගස්වැව ප්‍රදේශයේදී බස් රථයෙන් බැස පාර මාරුවීමට යෑමේදී ලොරි රථයක ගැටීමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කැකිරාව බස්තියන් සිල්වා විද්‍යාලයේ 06 වැනි වසරේ ඉගෙනුම ලැබූ කුසල යුගත් සංජීව නැමැති 12 හැවිරිදි පාසල් සිසුවෙකි.

මෙම සිසුවාගේ මව විදේශගතව රැකියාවක් සිදුකරන අතර සිසුවා සිය මිත්තනිය භාරයේ සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.