― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsපළමු ටෙස්ට් තරගයෙන් ලංකාවට දැවැන්ත ජයක්

පළමු ටෙස්ට් තරගයෙන් ලංකාවට දැවැන්ත ජයක්

බංග්ලාදේශය සමඟ පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) දැවැන්ත ජයක් ලබා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 328කින් බංග්ලාදේශය පරාජය කරමින් මෙම තරගයේ ජය හිමි කරගත්තා.

සිල්හෙට් හිදී ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 280ක් රැස් කිරීමට සමත් වුණා.

බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 92ක වාසියක් සමඟින් දෙවන ඉනිම ඇරඹු ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිම වෙනුවෙන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 418ක්.

ශ්‍රී ලංකා දෙවන ඉනිමේදී ද නායක ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් ශතක රැස් කිරීමට සමත්වීම ද විශේෂත්වයක්. එහිදී ධනංජය ලකුණු 108ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 164ක් වාර්තා කිරීමට සමත් වුණා.

මෙම ජයග්‍රහණයත් සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග එකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණේ පසුවනවා.