26.7 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෙහෙළියගේ ඇප ප්‍රතික්ෂේප කරන්නැයි නීතිපතිගෙන් විරෝධතා

කෙහෙළියගේ ඇප ප්‍රතික්ෂේප කරන්නැයි නීතිපතිගෙන් විරෝධතා

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ගොනුකර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (25) කොළඹ මහාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කළා.

එම පෙත්සම අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්ගිමිනී ගිරිහාගම මෙනවිය මෙම විරෝධතා මතු කළා.

කෙහෙළිය රඹුක්වැල්ලගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඉකුත් පෙබරවාරි මස 29 වැනිදා මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ තීන්දුවේ පිටපත් මෙතෙක් ලැබී නොමැති බව කෙහෙළිය ‍රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව අදාළ තීන්දුවේ පිටපතක් ඉල්ලුම් කර තිබේ දැයි මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයා අමතා කරුණු සොයා බලා අධිකරණයට දැනුම් දෙන ලෙස විනිසුරුවරයා විසින් කොළඹ මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත නියෝග කළා.