29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමෝටර් රථයක් තේ වත්තකට කඩා වදී

මෝටර් රථයක් තේ වත්තකට කඩා වදී

අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන තේ වත්තකට කඩා වැදී තිබෙනවා.

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල ඉන්ධන පිරවුම්හල අසලදී අද (25) පෙරවරු 8 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

කොටගල සිට හැටන් දෙසට වේගයෙන් පැමිණි මෝටර් රථයක් මාර්ගය හරහා යාමට උත්සාහ කළ සුනඛයෙකු බේරා ගැනීමට යාමේදී රියදුරුට රථය පාලනය කර ගත නොහැකිව තේ වත්තකට කඩා වැදී තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ පුද්ගලයින් 4 දෙනෙකු සිට ඇති අතර ඔවුන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.