26.7 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලි රැහැනක පැටලී දෙදරු පියෙක් ජීවිතක්ෂයට

විදුලි රැහැනක පැටලී දෙදරු පියෙක් ජීවිතක්ෂයට

නාවලපිටිය ප්‍රදේශයේ එළවළු වගා භූමියක අටවා තිබූ විදුලි රැහැනක පැටලී දෙදරු පියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නාවලපිටිය පොලිසිය පැවසුවේ මෙම එළළු වගා භූමියේ වැඩ කරමින් සිටි කම්කරුවෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නාවලපිටිය ක්‍රේහෙඩ් වත්තේ පදිංචිව සිටි සන්නියාගු සෙබස්ටියන් නැමැති 49 හැවිරිදි දෙදරු පියෙකි.

මියගිය දෙදරු පියාගේ දියණිය පවසන්නේ තම පියා ඊයේ උදෑසන වතු අධිකාරිවරයාගේ නිල නිවසේ පිහිටි වගා භූමියේ රැකියාවට ගිය බවත්, පසුව වතු පාලන අධිකාරිය වෙතින් පස්වරු 3 ට පමණ පියා හදිසියේ රෝගාතුර වී රෝහල්ගත කල බව දැනුම්දුන් බවයි.

ඒ අනුව ජාතික හැදුනුම්පත රැගෙන නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත පැමිණෙන ලෙසට වතු අධිකාරීවරයා විසින් කල දැනුම්දීමක් මත රෝහලට ගිය අවස්ථාවේ පියාගේ සිරුර රෝහලේ මෘත ශරිරාගාරයේ තිබූ බවයි දියණිය නාවලපිටිය පොලිසිය හමුවේ කියා සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.