― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsවසර 3කට පසු ශ්‍රී ලංකාවට පාපන්දු ජයග්‍රහණයක්

වසර 3කට පසු ශ්‍රී ලංකාවට පාපන්දු ජයග්‍රහණයක්

වසර 3කට පසු ජාත්‍යන්තර පාපන්දු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ වසර 11කට පසු භූතානය ගෝල් 2-0 කින් පරාජයට පත් කරමින්.

අවසන් වරට 2021 වසරේ බංග්ලාදේශය ගෝල් 2-1කින් පරාජයට පත් කිරීමෙන් පසු ශ්‍රී ලංකාව ඊයේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සහයෝගීතාව මැද කොළඹ තුරඟ තරග පිටියේ පැවැති ෆිෆා සිවුකොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේදී මෙම ජයග්‍රහණය වාර්තා කළා.

භූතානය අවසන් වරට වසර 2015දී ශ්‍රී ලංකාව සමඟ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයෙන් ගෝල් 1-0කින් ශ්‍රී ලංකාව පරාජයට පත්කරනු ලැබුවා.

2013දී ශ්‍රී ලංකාව විසින් ගෝල් 5-2කින් භූතානය පරාජයට පත් කරනු ලැබූ අතර වසර 11කට පසු භූතාන පිල ඊයේ ශ්‍රී ලංකාව හමුවේ පසුබෑමකට ලක්වීම විශේෂත්වයකි.

ඊයේ තරගයේ පළමු භාගයේදී ගෝල් වාර්තා නොවූ අතර, 45 වැනි මිනිත්තුවේදී එංගලන්තයේ සිට පැමිණි ඩිලොන් ද සිල්වා හා 54 වැනි මිනිත්තුවේදී ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසි ඔලිවර් ජේම්ස් කෙලාට් ගෝල් වාර්තා කළහ.

ශ්‍රී ලංකා භූතාන තරගය නැරැඹීමට 7000කට ආසන්න පිරිසක් පැමිණ සිටීම කලකට පසු පාපන්දු තරගයකදී දුටු දුර්ලභ දසුනකි.

ඊයේ පැවැති පැපුවා නිව්ගිනියා හා මධ්‍යම අප්‍රිකානු පිල අතර පැවැති තරගයෙන් මධ්‍යම අප්‍රිකානු පිල ගෝල් 4-0ක ජයක් අත්කර ගත්තේය. ඒ අනුව මධ්‍යම අප්‍රිකානු පිල සිය දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.