30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමම මහබැංකු අධිපති ධුරයෙන් ඉවත් වෙන්නෑ

මම මහබැංකු අධිපති ධුරයෙන් ඉවත් වෙන්නෑ

ආයතනයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ආයතනයේ ප්‍රධානියා හැටියට තමාට වගකීමක් ඇති බවත් කෙසේනමුත් ඒ සම්බන්ධයෙන් තමා මහබැංකු අධිපති ධුරයෙන් ඉවත් නොවන බවත් නන්දලාල් වීරසිංහ පවසනවා.

මහබැංකු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හේතුවෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද (26) ශ්‍රී ලංකා මහ බැංකුවේ සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී මාධ්‍යවේදියෙක් ඇසූ පැනයකට පිළිතුරු දෙමිනුයි මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.

තමාගේ යටතේ වැඩකරන සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හා නැවත සලකා බැලීම නිසා තමා ඉවත්ව නොයන බවයි ඔහු එහිදී කියා සිටියේ.

තමා රස්සාවෙන් අස්වනවා නම් අස්වන්නේ රස්සාවෙන් රටට දෙයක් කරන්න බැරි නම් පමණක් බව පැවසූ මහබැංකු අධිපතිවරයා අවධාරණය කළේ ආයතනයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ආයතනයේ ප්‍රධානියා විදියට තමාට වගකීමක් ඇති බවයි.