23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeUncategorizedමෙරට පාසල් සිසුන්ට ජපානයෙන් පාපැදි

මෙරට පාසල් සිසුන්ට ජපානයෙන් පාපැදි

දුෂ්කර ප්‍රදේශවල පාසල් දරුවන්ගේ දෛනික පාසල් පැමිණීම දිරිමත් කිරීමේ අරමුණින් සිසුන්ට අඛණ්ඩව පාසල් පැමිණීමේ අවස්ථාව සලසා දීම සඳහා ජපන් ‘චයිල්ඩ්ෆන්ඩ්’ ආයතනය මෙරටට පාපැදි 500ක ප්‍රදානය කර තිබෙනවා.

මෙම පාපැදි නිල වශයෙන් භාර දීම අද (01) අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේදී පැවැත්වුණා.

එම අවස්ථාවට මෙරට ජපන් තානාපති මිෂුකොෂි හයිදේකි (MIZUKOSHI Hadeaki), ජපන් ‘චයිල්ඩ්ෆන්ඩ්’ ආයතනයේ නියෝජිත යුකෝ ඉෂාණ්ඩා (YUKO ISHANDA) හා ලංකා ‘චයිල්ඩ්ෆන්ඩ්’ ආයතනයේ ජාතික අධ්‍යක්ෂ ආදිති ගෝෂ් (ADITI GOSH) යන අය සහභාගි වූහ.

මේ වනවිටත් මෙරටට ලැබී ඇති මෙම පාපැදි තොගය ලබා දීම සඳහා මොණරාගල, පුත්තලම, මුලතිව් වැනි ප්‍රවාහන දුෂ්කරතා සහිත දිස්ත්‍රික්ක 12ක පාසල් 108කින් වයස අවුරුදු 12-16ත් අතර සුදුසු සිසු සිසුවියන් තෝරාගනු ලැබ තිබෙනවා.

නිවසේ සිට පාසලට අවම වශයෙන් කිලෝමීටර් දෙකහමාරක දුරක් පැමිණිය යුතු වීම මෙම පාපැදි ලබා දීමේ දී සලකා බැලු‍ණු ප්‍රධාන නිර්ණායකයකි. සිසුන්ගේ පවුල්වල ආර්ථික දුෂ්කරතා හා වෙනත් අපහසුතා ද මෙහි දී සැලකිල්ලට බඳුන් කර ඇත.

ශ්‍රී ලංකා ‘චයිල්ෆන්ඩ්’ ආයතනයේ ඉල්ලීම පරිදි මෙම ප්‍රදානය මෙරටට ලැබී ඇති අතර ජපන් තානාපති කාර්යාලයේ මැදිහත් වීම හා අධ්‍යාපන අමාත්‍යාංශයේ මාර්ගෝපදේශනය යටතේ විනිවිදභාවයකින් යුක්තව මෙම පාපැදි අදාළ සිසු සිසුවියන්ට ප්‍රදානය කෙරේ.

මෙම පාපැදි කලාප අධ්‍යාපන කාර්යාල හරහා ශ්‍රී ලංකා ‘චයිල්ෆන්ඩ්’ ආයතනය විසින් සිසුන් වෙත බෙදාහරිනු ලැබේ.