27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅවුරුද්දට සතොසෙන් සහන මල්ලක්

අවුරුද්දට සතොසෙන් සහන මල්ලක්

එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයින පුරා සතොස ශාඛා වෙතින් පාරිභෝගිකයන්ට සහන රැසක් ලබා දී තිබෙනවා.

ඒ අනුව අද (02) සිට ක්‍රියාත්මක වන පරිදි අවුරුදු සහන මල්ලක් ලබා දීමටයි සතොස ආයතනය පියවර ගෙන ඇත්තේ.

මෙම සහන සඳහා රුපියල් 4500ක් වටිනා ආහාර ද්‍රව්‍ය 11ක් ඇතුලත් කර ඇති අතර එම සහන මල්ල පාරිභෝගිකයින්ට ලබාදෙන්නේ රුපියල් 3420 ක මිලකටයි.

මෙම සහන මල්ලේ ග්‍රැම් 400 කිරිපිටි පැකට්ටුවක්, ග්‍රැම් 400 නුඩ්ලස් පැකට්ටුවක්, ග්‍රැම් 100 තේ කුඩු පැකට්ටුවක්, ග්‍රැම් 500 බිස්කට් පැකට්ටුවක්, ග්‍රැම් 700 ඉඳිආප්ප පිටි පැකට්ටුවක්, මිලිලිටර් 350 විනාකිරි බෝතලයක්, සෝයාමිට් පැකට්ටුවක්, පරිප්පු ග්‍රැම් 500ක්, සිදු සහල් කිලෝ දෙකක්, පපඩම් පැකට්ටුවක්, සැමන් ටින් එකක් ඇතුළත් වනවා.