― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsසේනක බටගොඩට වාරණ නියෝගයක්

සේනක බටගොඩට වාරණ නියෝගයක්

ගායන ශිල්පී සේනක බටගොඩට කොළඹ මහාධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඔහුගේ ගීත හතක් ගායනා කිරීම වළක්වාලමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

ජනත් කුලතිලක විසින් ගොනුකර තිබූ පැමිණිල්ලක් සලකා බලමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

සැනසෙන්නම්, අපි කවුරුද, අළු යට ගිනි, අපි සැනසිල්ලේ, රස්තා, හොඳම දේ සහ හීනවලට පනක් තිබෙනවා යන ගීත සඳහායි මෙම වාරණය නිකුත් කර ඇත්තේ.

පැමිණිල්ල ගොනුකරමින් ජනත් කුලතිලක පවසා ඇත්තේ බුද්ධිමය දේපළ පනත යටතේ ගෙවිය යුතු කතෘ භාගය සේනක බටගොඩ විසින් නොගෙවා ඇති බවයි.