― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsමහ මොළකරු ගැන කියන්න මං ලෑස්ති නෑ - මෛත්‍රී

මහ මොළකරු ගැන කියන්න මං ලෑස්ති නෑ – මෛත්‍රී

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ රහසිගත ප්‍රකාශයක් ලබා දීමට තමන් සූදානම් නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය නීතිඥයින් මාර්ගයෙන් අද (03) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දුන්නා.

ඒ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකළ මෝසමක් අද මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ දීයි.

එහිදී හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න සහ ජ්‍යේෂ්ඨ නීතිඥ සංදීප් සූරියාරච්චි අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

2019 පාස්කු ඉරිදාවේ දිවයිනේ කතෝලික දේවස්ථාන කිහිපයක් සහ තරු පන්තියේ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කරගෙන එල්ල කෙරුණු මුස්ලිම් අන්තවාදී බෝම්බ ප්‍රහාර මාලාවක් හේතුවෙන් දේව මෙහෙයන්ට සහභාගි වූ සිවිල් වැසියන් සහ මෙරට සංචාරයන් සඳහා එක් වූ විදෙස් සංචාරකයින් ද ඇතුළුව 269 දෙනෙකු මියගියා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම් විවිධ පැතිකඩ ඔස්සේ විමර්ශන දියත් කළද මේ වනතෙක් මෙම බෝම්බ ප්‍රහාර මාලාවට සෘජුව වගකිවයුතු කිසිවෙකු නම් කිරීමට හෝ නීතිය ඉදිරියට ගෙන ඒමට හැකියාවක් ලැබුණේ නැහැ.

මේ සම්බන්ධයෙන් දේශපාලන කරළියේ විවිධ මති මතාන්තර පළ වෙද්දි මෙම ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ බලයේ සිටි ජනාධිපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන මෙම ප්‍රහාරය සැලසුම් කළ මහමොළකරු සම්බන්ධ සියලු කරුණු හෙළි කිරීමට තමන් සූදානම් බව ප්‍රකාශ කළේ පසුගිය මාර්තු 22 වැනිදායි.

හිටපු ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ තමන් දන්නා කරුණු විශ්වාසය රැකිය හැකි අධිකරණය විනිසුරුවරයෙකු ඉදිරියේ රහසිගත ප්‍රකාශයක් ලෙසින් ලබා දීමට තමන් සූදානම් බවයි.