― political ―

ධීවරයන්ට අද කණකර පවා උකස් කරන්න වෙලා

රටක් ලෙස අප දේශීය හා විදේශීයව ඇමෙරිකානු ඩොලර් බිලියන 100කට ආසන්න ණය වී ඇති මොහොතක ඉන් ගොඩ ආ හැකි එකම ක්‍රමය අපනයන කේන්ද්‍රීය අධ්‍යාපනයක්...
Homehot newsශ්‍රී ලංකන් ගුවන් සේවයට නව ගුවන් යානා 04ක්

ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව ගුවන් යානා 04ක්

කල්බදු ක්‍රමය යටතේ ගුවන් යානා 04ක් මිලදී ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව අමෙරිකානු ඩොලර් ලක්ෂ 7කට අධික මාසික වාරිකයක් ගෙවමින් මෙම ගුවන් යානා 4 මිලදී ගැනීමටයි තීරණය කර ඇත්තේ.

මෙම යානා හතරෙන් දෙකක් මාසිකව අමෙරිකානු ඩොලර් 360,000ක බදු කුලියකට වසර 6ක කාලසීමාවක් සඳහා ද, අනෙක් යානා දෙක වසර 8ක බදු කාල සීමාවකට මාසිකව අමෙරිකානු ඩොලර් 365,000 බදු කුලියකට ද ගැනීමට නියමිත බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසන්නේ.